• කිරිහාමි ( Kirihami)

    0

    කොස් ගහ විකුණන ආරංචිය බකුසු මාමා ඇටිකුකුළට කිව්වා. ඇටිකුකුළා මේ ගැන ගහේ ඉන්න අනෙක් කුරුල්ලන්ටත් ලේන්නුන්ටත් කිව්වා.  කිව්වා. කොස් ගහ විකුණන්න එපා කියලා කුරුල්ලො කෑ ගැහුවා. කොස් ගහ කපන්න එපා කියලා ළමයි ඇඬුවා.  කිරිහාමි මොකද කළේ?

     

    රු545.00
    Add to cart
  • කුසුමලතා (Kusumalatha)

    0

    කමලා කෙප්පසිංහ විකාරවර්ධන, කොකනඳවතී, කපටිසේකර, දෝන දංකොඩ හාමු, හෑල්ල හාමු, උළු ගේ ළඟ වරිච්චි ගේ ඩාලිං නෝනා, නේස් නෝනා වුණු ජොසි නෝනා, ඇලිස්තිනා, නෑනා නෝනා ….. වෙන කොහෙදි මුණගැහෙන්නද මේ  අපූරු චරිත කුසුමලතා පොතේ හැරෙන්න.

     

    රු650.00
    Add to cart
  • ළිඳේ යකා ( Lide yaka)

    0

    “ළිඳේ යකෙක් ඉන්නවා.” අම්මයි තාත්තයි නිතරම අදිත්ට කිව්වේ අදිත් තනියම ළිඳ ළඟට යන එක නවත්වන්නයි. ජබුඃ! ජබුඃ! ඇත්තටම දවසක් ළිඳේ ඉඳලා යකෙක් එළියට පැන්නා. අදිත් මොකද කළේ? යාළුකමයි කරුණාවයි ගැන කියැවෙන ලස්සන කතාවක් ළිඳේ යකා.

     

    රු225.00
    Read more
  • ලොකු අප්පුයි පොඩි අප්පුයි ( Loku appui podi appui)

    0

    යාළුවො දෙන්නෙක් වෙළෙඳාමෙ ගියා. ඒ වුණාට ලොකු අප්පුගෙ කෑදරකම නිසා කළ වැඩේ ගැන ලැජ්ජා හිතිලා එයාට හැංගෙන්නයි හිතුණේ. ඒත් පොඩි අප්පු යාළුවා අතහැරියේ නැතිලු.

     

    රු180.00
    Add to cart
  • මඟුල් ගෙදර බත් නැතෝ ( Magul gedara bath natho)

    0

    මඟුල් ගෙදරට ඉව්ව බත් හට්ටි ඔක්කොම නැතිවෙලා! “කිංකිඳ බොල කිංකිඳෝ මඟුල් ගෙදර බත් නැතෝ” කිය කියා අමුත්තෝ බත් හට්ටි සොය සොයා ගියා. කවුද ඔක්කොම බත් හොරා ගත්තේ? සිංදු නාට්‍යයක් විදිහට ලියූ මේ පොතට 1971 දී හොඳම ළමා පොත හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තා.

     

    රු400.00
    Add to cart
  • නැට්ටුක්කාරයෝ ( nattukkarayo)

    0

    අපේ ගෙවල්වල ගෙමිදුලට නිතර එනවලු නැට්ටුක්කාරයෝ හත් දෙනෙක්. හත් දෙනාම හැම වෙලාවෙම එකටමයි ඉන්නේ. කවුද මේ? කියෙව්වොත් මේ පොත දැනගන්න පුළුවන් ඒ ගැන.

    රු240.00
    Add to cart
  • පුංචි ළිඳ ( Punchi linda)

    0

    පුංචි අප්පුට පුංචි කොරටුවක් තිබුණා. පුංචි කොරටුවෙ පුංචි ළිඳක් තිබුණා. පුංචි ළිඳ ගොඩ කරලා පුංචි අප්පු කළ ලොකු කලබලය ගැනයි මේ රසවත් කතාව.

    රු150.00
    Read more
  • පුළුන් බබා ( Pulun baba)

    0

    කඩේ ගෙදර හරි කලබල! පුළුන් බබෙක් ගෙනැල්ලා! ලොකු සර්ට තරහ ගිහින්. ලියනෝරා ගිරයට අහුවුණු පුවක් ගෙඩිය වගේ. පුළුන් බබා පෙරළි පෙරළි කරන වැඩ නිසා ඔන්න ඉරිදා පොළෙත් පෙරළියක් වුණා. හිනාවෙලා ඉවරයක් නෑ පුළුන් බබා කියවලා!

    රු590.00
    Add to cart
  • රතු කාර් පොඩ්ඩා ( Rathu car podda)

    0

    රතු කාර් පොඩ්ඩා කළුවරට බයයි. රෑ මිදුලේ තනියම අඞමින් හිටිය රතු කාර් පොඩ්ඩාට උදව් කළේ කවුද? පහුවදා උදේ අනුපම නැගිටලා මිදුලට දුවගෙන ඇවිත් බලනකොට රතු කාර් පොඩ්ඩා පේන්න නෑ. අනුපමගෙයි රතු කාර් පොඩ්ඩාගෙයි යාළුකම ගැනයි මේ කතාව.

    රු275.00
    Add to cart
  • ඉබිරාළගේ ගස් නැගීම

    0

    අලුත් දේවල් අත්හදා බලන්න කැමැති ඉබිරාළ කෙනෙක් හිටියා. දවසක් මේ අපූරු ඉබිරාළට හිතුණා ගහක් උඩට නගින්න. ගහ උඩ ඉඳලා පහළ බලන්න ඉබිරාළට ආසා හිතුණා. ගස් නැග්ග ඉබිරාළ ගැන මේ කතාව ලිව්වේ කමල් පෙරේරා.

    රු170.00
    Add to cart
  • කටකාර මැඬියා

    0

    නොයෙක් සත්තුන් සමගියෙන් ජීවත් වුණු ලස්සන විලකට අමුත්තෙක් ආවා. විලේ හිටිය සත්තු අමුත්තා හොඳින් පිළිඅරගෙන එයාටත් ඉන්න තැනක් හදා දුන්නා. ඒත් අමුත්තාගේ කපටිකමට අහුවුණු සත්තුන්ට සිදුවුණු දේ ගැන මේ කතාවත් කමල් පෙරේරාගෙන්.

    රු195.00
    Add to cart
  • පාට පාට පියාපත්

    0

    එකමත් එක කාලෙක මල්වලට ඉතාමත් ආසා කරන සලබයෙක් හිටියා. මල්වල සුවඳ විඳිමින්, මල්වල ලස්සන බලමින් එයා මල් අතර සැරිසැරුවේ සතුටින්. ඒත් එයාගේ හිතට නිතර වද දුන් ප්රශ්නයක් තිබුණා. පුංචි සලබයා ගැන මේ ලස්සන කතාව ලිව්වේ කමල් පෙරේරා.

    රු195.00
    Add to cart
  • බැලුමා

    0

    දුර ගමනක් ගිය බැලුමක් ගැන ලස්සන කතාවක් මේ. බැලුම තෑගි ලැබුණේ පොඩි බබාට. එයා හරි ම ආදරෙන් බැලුමා බලාගත්තා. ඒත් දවසක් නොසිතූ විදිහට බැලුමාට බොහොම දුර ගමනක් යන්න වුණා. බැලුමා සොයාගන්න පොඩි බබාට පුළුවන් වුණාද? බැලුමා කමල් පෙරේරා ලියූ පොතක්

    රු150.00
    Add to cart
  • මිනින්දෝරු කූඩැල්ලා

    0

    කූඩැල්ලෙකුට පුළුවන්ද මිනින්දෝරුවකු වෙන්න? ‘ඔව්! පුළුවන්!’ කියලා හිතුව කූඩැල්ලෙක් හිටියා. කූඩැල්ලා මිනින්දෝරුවකු වුණු හැටි හරි අපූරුයි. ඒ දිහා බලලා අනෙක් කූඩැල්ලන් මොකද කළේ? පොත කියවලා ම දැනගන්න. කතාව ලිව්වේ කමල් පෙරේරා.

    රු170.00
    Add to cart
  • රට ගිය හැටි ( Rata giya hati)

    0

    රට අත හැරලා වෙළෙඳාමකට පිටරටකට ගිය යාළුවන් හතර දෙනෙකු ගැන ජන කතාවයි සිබිල් නැන්දා මේ පොතෙන් නැවත කියන්නේ. ඉපදුණු රට දාලා යන්නෙ ඇයි කියලත් ඇය අපෙන් අහනවා.

    රු280.00
    Add to cart
  • රසවතී ( Rasawathi)

    0

    අපේ එදිනෙදා ජීවිතේ සිදුවෙන පුංචි පුංචි රසවත් සිදුවීම්, සිබිල් නැන්දා කියන විදිහට නම් ‘අකට විකටකම්,’ දිහා බලලා ඒවා හිනාවෙන් බාරගන්න පුරුදු වුණාම ජීවිතේ හරි සැහැල්ලුයි. රසවතීගෙ රස කතාවලින් අපට කියන්නෙ ඒ ගැනයි.

    රු225.00
    Read more
  • සූත්තර පුංචා – කාටූන් පොත ( Suthara puncha – cartoon)

    0

    සූත්තර පුංචාගෙ විහිළු කතා කවුද නොදන්නේ? සූත්තර පුංචාගෙ දඟකාර වැඩ ගැන පුංචි කතා 16ක් මේ කාටූන් පොතේ තිබෙනවා. පුංචාගෙ විහිළුවලට වැඩියෙන්ම රැවටෙන්නෙත් හිනාවෙන්නෙත් අත්තම්මයි මුත්තයි! කාටත් විනෝදයක් ගෙනෙන සූත්තර පුංචා!

    රු300.00
    Add to cart
  • සුන්බුන් සොක්කා ( Sunbun sokka)

    0

    සුන්බුන් සොක්කා! සුන්බුන් සොක්කා! දවසම නිදියන කම්මැලියා! රතු පුල්ලියාගෙයි කුකුළු කොරළියාගෙයි විහිළුවෙන් සුන්බුන් සොක්කා කඩිසරයෙක් වුණු හැටි! සිබිල් නැන්දා මේ කතාව නම් ලිව්වෙ හොඳටම හිනාවෙවී වෙන්න ඇති.

    රු230.00
    Add to cart
  • සිව් පද කියමු ( Siwpada kiyamu)

    0

    නිතර අහන්න නොලැබෙන අපූරු ජන කවි කීපයක් මේ පොතේ එකතු කරලා තිබෙනවා. ආසාවෙන් කියවන්නත් ගායනා කරන්නත් පුළුවන්. රොටි කන්න කැමැති අයට රස කර කර කියන්න රොටි ගැන කවිත් ගොඩයි.

    රු150.00
    Read more
  • සීනක්කු මාමා ( Seenakku mama)

    0

    සීනක්කු කියන්නේ පැණි රස කෑමක්. ගමේ කඩවල සීනක්කු විකුණන්න තිබෙනවා. හැමදාමත් සීනක්කු නොකා බැරි සීනක්කු මාමට දවසක් සීනක්කු කන්න ගිහින් හරිම ඇබැද්දියක් වුණේ. හිනාවෙන්න කියවන්න සීනක්කු මාමා!

    රු200.00
    Add to cart
  • සුමිතුරු නුග රුක (sumithuru nuga ruka)

    0

    නුග ගහේ අතු වටේට විහිදෙනවා. අතුවලින් පහළට වැටෙන මුල්වලින් ගහට ශක්තියක් ලැබෙනවා. ගහ උඩ කුරුල්ලො, ලේන්නු ගෙවල් හදලා. ගහ යට මිනිස්සු ගිමන් හරිනවා, වෙළෙදාම් කරනවා. ළමයි ඒ හෙවණේ සෙල්ලම් කරනවා. නුග ගහ මෙහෙම අපූරු තැනක් වුණේ කොහොමද කියලා සිබිල් නැන්දා ලස්සන කතාවක් අපට කියනවා මේ පොතෙන්.

    රු250.00
    Read more
  • තඹයා ( Thambaya)

    0

    තඹයාගේ කාර් එක පිටුපස්සෙන් නළා හඞවමින් මෝටර් සයිකල් පේළියක් ආවා. කඩපිල්වල මිනිස්සු පුදුමයෙන් බලාහිටියා. හොඳටම වැස්ස නිසා කාර් එක එළවන්නේ කවුද කියා කවුරුවත් දැක්කේ නැහැ…. අලුත් ම අත්දැකීමක් ගැන කියන කතාවක් තඹයා.

    රු325.00
    Add to cart
  • තුනපහ කවි ( Thuna paha kavi)

    0

    සිබිල්ගේ මුනුබුරු ආදිත් අවුරුදු 12ක පමණ වයසෙදි හිනා යන කවි පෙළක් ලියුවා. කවුරුත් එය කියවා සතුටු වුණා. ඒක දැකලා සිබිල් අත්තම්මා හිතුවා කවිවලට ම ගැලපෙන හිනා යන පින්තූර ටිකක් ඇඳලා පොතක් පළ කරන්න. රස කරමින් කියවන්න මේ පොතට තුනපහ කවි කියලා නම දැම්මෙත් ආදිත්මයි.

    රු275.00
    Add to cart
  • තොවිල් ගෙදර ( Thovil gedara)

    0

    ඇල්පිනා එදා රෑට ඉව්වෙ නැහැ. එහා ගෙදර තොවිලයක්. ‘තොවිල් ගෙදරින් මට කෑම පිඟානක් දැන් ලැබෙයි! දැන් ලැබෙයි!’ හිත හිතා ඇල්පිනා දොරකඩ බලාගෙන හිටියා. කෑම පිඟාන ලැබුණද? මේ ජන කතාවක් ඇසුරෙන් සිබිල් නැන්දා ලියූ කතාවක්.

    රු195.00
    Read more