-
බැලුමා
0රු150.00දුර ගමනක් ගිය බැලුමක් ගැන ලස්සන කතාවක් මේ. බැලුම තෑගි ලැබුණේ පොඩි බබාට. එයා හරි ම ආදරෙන් බැලුමා බලාගත්තා. ඒත් දවසක් නොසිතූ විදිහට බැලුමාට බොහොම දුර ගමනක් යන්න වුණා. බැලුමා සොයාගන්න පොඩි බබාට පුළුවන් වුණාද? බැලුමා කමල් පෙරේරා ලියූ පොතක්
-
ඉබිරාළගේ ගස් නැගීම
0රු170.00අලුත් දේවල් අත්හදා බලන්න කැමැති ඉබිරාළ කෙනෙක් හිටියා. දවසක් මේ අපූරු ඉබිරාළට හිතුණා ගහක් උඩට නගින්න. ගහ උඩ ඉඳලා පහළ බලන්න ඉබිරාළට ආසා හිතුණා. ගස් නැග්ග ඉබිරාළ ගැන මේ කතාව ලිව්වේ කමල් පෙරේරා.
-
පාට පාට පියාපත්
0රු195.00එකමත් එක කාලෙක මල්වලට ඉතාමත් ආසා කරන සලබයෙක් හිටියා. මල්වල සුවඳ විඳිමින්, මල්වල ලස්සන බලමින් එයා මල් අතර සැරිසැරුවේ සතුටින්. ඒත් එයාගේ හිතට නිතර වද දුන් ප්රශ්නයක් තිබුණා. පුංචි සලබයා ගැන මේ ලස්සන කතාව ලිව්වේ කමල් පෙරේරා.
-
මිනින්දෝරු කූඩැල්ලා
0රු170.00කූඩැල්ලෙකුට පුළුවන්ද මිනින්දෝරුවකු වෙන්න? ‘ඔව්! පුළුවන්!’ කියලා හිතුව කූඩැල්ලෙක් හිටියා. කූඩැල්ලා මිනින්දෝරුවකු වුණු හැටි හරි අපූරුයි. ඒ දිහා බලලා අනෙක් කූඩැල්ලන් මොකද කළේ? පොත කියවලා ම දැනගන්න. කතාව ලිව්වේ කමල් පෙරේරා.
-
කටකාර මැඬියා
0රු195.00නොයෙක් සත්තුන් සමගියෙන් ජීවත් වුණු ලස්සන විලකට අමුත්තෙක් ආවා. විලේ හිටිය සත්තු අමුත්තා හොඳින් පිළිඅරගෙන එයාටත් ඉන්න තැනක් හදා දුන්නා. ඒත් අමුත්තාගේ කපටිකමට අහුවුණු සත්තුන්ට සිදුවුණු දේ ගැන මේ කතාවත් කමල් පෙරේරාගෙන්.


