-
අඹ ගහ මාමා (Amba Gaha Maama)
0“Step into the enchanting world of Sybil Wettasinghe’s latest book! Amba Gaha Maama embarks on a journey filled with challenges and triumphs, teaching children the vital importance of caring for our environment. Every page brims with wonder, adventure, and the timeless charm that only Sybil can create. Explore Sybil’s vibrant world in this captivating new story.
-
මමත් එන්නම් ( mamath ennam)
0ලොකු වුණත් පොඩි වුණත් හැම කෙනෙකු ම වටිනවා. හැමෝගෙ ම හපන්කම් අගය කරන්න පුරුදු වුණු යාළුවො පස් දෙනෙක් ගැන මේ කතාව ලියලා පින්තූර ඇන්දේ කුසලා වෙත්තසිංහ.
-
Kalu Menika
0This amusing story is about a wedding in a village, many years ago. It tells the story of Kalu Menika and Kalu Banda. You will enjoy a good laugh as you read their story.
-
කළු මැණිකා (Kalu manika)
0ඉස්සර කාලේ ගමේ මඟුල් ගෙදරක් ගැන කියැවෙන මේ කතාව කළු මැණිකයි කළු බණ්ඩයි ගැනයි. හිනාවෙවී කියවන්න හොඳ පුංචි කතාවක්.
-
කැවුම් යෝධයා (Kevun Yodaya)
0හැන්ද නටයි – කූර නටයි කිය කියා කැවුම් බදින්න ගත්තත් හැදුණේ කැවුම් යෝධ්යෙක්! අහසට පැනගත්ත කැවුම් යෝධයා අල්ලගන්න කුරුල්ලන් ආවත් කාටවත් බැරිවුණා එයාව අල්ලන්න. අලුත් අවුරුද්දේ සතුට අරගෙන ආ කැවුම් යෝධයාගෙ කතාව සිබිල් නැන්දා කියන්නේ කවියෙන් සිංදුවෙන්.
-
කවි කියමු සිනාසෙමු (Kavi kiyamu sinasemu)
0ජන කවි හරි මිහිරියි. සමහර ජන කවි හරි විනෝදයි කියවන්න, අහන්න. කරදර මැද වුණත් හිනාවෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා එහෙම කවි අහන විට. හිනාවෙන්න, සතුටුවෙන්න කියමු අපි මේ ජන කවි.
-
කක්කුට්ටා මගෙ යාළුවා ( Kakkutta mage yaluwa)
0කක්කුට්ටා, රිලා හාමි, කොට්ටෝරුවා, කුඹල් මාමා, බට්ටිච්චෝ, සූටික්කෝ, ….. පරිසරයත් සතා සීපාවත් අපේ ජීවිතයට කොපමණ සමීප ව හිටියද කියලා අපට මතක් කරලා දෙනවා මේ ජන කවි එකතුව.
-
කකුළු හොද්ද ( Kakulu hodda)
0බොහොම ඈත අතීතයේ මිනිස්සුන් හෙවනැල්ලෙන් වේලාව බැලූ කාලයේ එක මුහුදු වෙරළකට අමුතු කකුළු වර්ගයක් ගොඩ ගැහුවා. ඒ ළඟ ගමක මිනිස්සු මේ අමුතු කකුළුවන් ඇහිඳගෙන ගිහින් රසට හොදි හැදුවා. ඒ ජන කතාව සිබිල් නැන්දා හිනා රසයෙන් ඔපවත් කරලා කියනවා.
-
කාන්සියට කවි ( Kansiyata kavi)
0‘කුඩේ තියෙන්නේ නන විතරයි දැනට’ ….. ජන කවියෙන් මිනිස්සුන්ගේ ජීවිතයේ එදිනෙදා කරදර ගැන කිව්වේ ඔහොම විනෝද රසය මතු කරමින්. නිතරම හිනාවෙන්න කැමැති සිබිල් නැන්දා මේ කවි එකතු කරන්න ඇත්තේ ආසාවෙන්.
-
Kevun for the Devil
0A devil in the forest came to Malpina’s house and hid under a heap of leaves in the garden. He was waiting for a chance to eat a kevun or two that Malpina was frying. Did he get to eat the kevun?
-
කූඹියයි කූඹිච්චියි ( Kubiyai kubichchi)
0කූඹියයි කූඹිච්චියි වැස්සට තෙමුණා. ඒ හින්දා දෙන්නම ලිප් ගල උඩ ගිනි තැප්පා. ඒත් ඒ නිසා ගහක් කොළ හලාගත්තෙ ඇයි? ගඟ වතුර හිඳගත්තෙ ඇයි? හිනායන මේ පුංචි කතාව කූඹිය කූඹිච්චියි ඒ දෙන්නා වටා තිබෙන යාළුකමෙන් පිරුණු ලෝකය ගැනයි.