-
හඳට උඩින් පැනලා (hadata udin panala)
5රු250.00“මට පුළුවන් හඳට උඩින් පනින්න” සූත්තර පුංචා කිව්වා. අත්තම්මයි මුත්තයි හිනාවුණා. ඒත්සූත්තර පුංචා හඳට උඩින් පැනලා පෙන්නුවා. කොහොමද එහෙම කළේ කියලා කියවලා දැනගන්න.
-
Little Red Car
0රු225.00Little Red Car was afraid of the dark night. Who helped Little Red Car that was crying alone in the garden? The next morning when Anupama ran outside to play with Little Red Car, it was nowhere to be seen. Read this story to find out how Anupama and Little Red Car became good friends.
-
අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)
0රු285.00නරි නයිදෙගෙ පුතගෙ මඟුල් දවසේ මුළු කැලෑවම සිරියවෙන් සැරසුණා. නරි නයිදෙගෙ කපටිකම් නිසා වුණු හිත් රිදීම් අමතක කරලා හැමෝම උදව් කළා…. එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගැන ලිව්ව ලස්සන කතාවයි මේ.
-
Vesak Lantern
0රු195.00The Vesak lantern filled the entire space of the small verandah. ‘How will I find money to buy paper to cover this?’ thought little Patiya. It was Grandma who found a solution to that problem. The huge lantern that Patiya and Grandma made had a unique feature. Vesak Lantern is about that wonderful story. Sybil Wettasinghe won the Isobel Hutton Award in 1965 for this story.
-
රතු කාර් පොඩ්ඩා ( Rathu car podda)
0රු275.00රතු කාර් පොඩ්ඩා කළුවරට බයයි. රෑ මිදුලේ තනියම අඞමින් හිටිය රතු කාර් පොඩ්ඩාට උදව් කළේ කවුද? පහුවදා උදේ අනුපම නැගිටලා මිදුලට දුවගෙන ඇවිත් බලනකොට රතු කාර් පොඩ්ඩා පේන්න නෑ. අනුපමගෙයි රතු කාර් පොඩ්ඩාගෙයි යාළුකම ගැනයි මේ කතාව.
-
අඹ ගහ මාමා (Amba Gaha Maama)
0රු385.00“Step into the enchanting world of Sybil Wettasinghe’s latest book! Amba Gaha Maama embarks on a journey filled with challenges and triumphs, teaching children the vital importance of caring for our environment. Every page brims with wonder, adventure, and the timeless charm that only Sybil can create. Explore Sybil’s vibrant world in this captivating new story.
-
වී කිරිල්ලි ( vee kirirli)
0රු255.00ජන කතාවක් ඇසුරෙන් සිබිල් නැන්දා ලියූ මේ කතාව අවුරුද්දට කැවුම් බදින්න ලෑස්ති වුණු වී කිරිල්ලි ගැනයි. කැවුම් බදින්න පිටි කොටාගන්න වී ඇටයක් සොය සොයා ගිය වී කිරිල්ලිට කවුද උදව් කළේ? අලි හාමි තවමත් බිම බලාගෙන ඇවිදින්නේ ඇයි?
-
තඹයා ( Thambaya)
0රු325.00තඹයාගේ කාර් එක පිටුපස්සෙන් නළා හඞවමින් මෝටර් සයිකල් පේළියක් ආවා. කඩපිල්වල මිනිස්සු පුදුමයෙන් බලාහිටියා. හොඳටම වැස්ස නිසා කාර් එක එළවන්නේ කවුද කියා කවුරුවත් දැක්කේ නැහැ…. අලුත් ම අත්දැකීමක් ගැන කියන කතාවක් තඹයා.
-
Ant and his Mate
0රු200.00Ant and his mate got wet in the rain. They sat by the fireside to dry. How did this cause a tree to shed leaves and a river to dry? An amusing little story about an ant and his mate and the friendly world around them.
-
රට ගිය හැටි ( Rata giya hati)
0රු280.00රට අත හැරලා වෙළෙඳාමකට පිටරටකට ගිය යාළුවන් හතර දෙනෙකු ගැන ජන කතාවයි සිබිල් නැන්දා මේ පොතෙන් නැවත කියන්නේ. ඉපදුණු රට දාලා යන්නෙ ඇයි කියලත් ඇය අපෙන් අහනවා.
-
ඇවිදින කොරහ ( avidina koraha)
0රු325.00රසට කෑම උයන කඩිසර රංගොයි උයන්න හොඳටම කම්මැලි කංගොයි ගැන කතාවයි ඇවිදින කොරහ. ඉබි නයිදෙ කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ? කියවලාම බලන්නකෝ.
-
බකමූණගෙ කඩේ (Bakamunage kade)
0රු325.00බකමූණා කඩයක් දැම්මා හිඹුටු විකුණන්න. බකමූණා හරිම කැමතියි හිඹුටු විකුණලා ලැබෙන රන් කාසි රන්! රන්! සද්දෙන් ගණන් කරන්න. බකමූණගෙ හිඹුටු කඩේට මොකද වුණේ? බකමූණා හැමදාම රෑට අත්තක් උඩ වාඩිවෙලා හුම්! හුම්! කියමින් ඉන්නේ ඇයි?
-
යකාට කැවුම් ( Yakata kevum)
0රු200.00කැලෑවෙ හිටිය යකෙක් මල්පිනාගෙ ගෙදර මිදුලෙ වේලිච්චි කොළ ගොඩේ හැංගුණා. ගේ ඇතුළෙන් කැවුම් සුවඳක් එනවා. කැවුම් කන්න ආසාවෙනුයි යකා බලාගෙන ඉන්නේ. යකාට කැවුම් කන්න ලැබුණ ද? නැද්ද?
-
වෙසක් පහන ( Vesak pahana)
0රු360.00පුංචි පැලේ පිල පිරෙන්න තරම් ලොකු වෙසක් කූඩුවක්! මේ විසාල කූඩුව අලවන්න කොළ ගන්න සල්ලි කෝ? ඒකට උත්තරයක් සොයා දුන්නේ අත්තම්මා. දෙන්නා එකතුවෙලා හැදූ මේ කූඩුවේ කවුරුවත් කවදාවත් දැකලා නැති අමුතු ම සැරසිල්ලක් තිබුණා. ඒ ගැන ලියූ ලස්සන කතාවයි වෙසක් පහන.
-
The Stilt Walker
0රු150.00Tinkle! Tinkle! Tinkle! Came the sound of bells. The four friends ran to the gate to see what it was. A stilt walker came up the street, dancing. The children wanted to give him a gift. But why did the stiltwalker run away from them? How did these little children catch the stilt walker who ran so fast, taking giant steps? This book is written and illustrated by Kusala Wettasinghe.
-
ලොකු අප්පුයි පොඩි අප්පුයි ( Loku appui podi appui)
0රු180.00යාළුවො දෙන්නෙක් වෙළෙඳාමෙ ගියා. ඒ වුණාට ලොකු අප්පුගෙ කෑදරකම නිසා කළ වැඩේ ගැන ලැජ්ජා හිතිලා එයාට හැංගෙන්නයි හිතුණේ. ඒත් පොඩි අප්පු යාළුවා අතහැරියේ නැතිලු.
-
කූඹියයි කූඹිච්චියි ( Kubiyai kubichchi)
0රු285.00කූඹියයි කූඹිච්චියි වැස්සට තෙමුණා. ඒ හින්දා දෙන්නම ලිප් ගල උඩ ගිනි තැප්පා. ඒත් ඒ නිසා ගහක් කොළ හලාගත්තෙ ඇයි? ගඟ වතුර හිඳගත්තෙ ඇයි? හිනායන මේ පුංචි කතාව කූඹිය කූඹිච්චියි ඒ දෙන්නා වටා තිබෙන යාළුකමෙන් පිරුණු ලෝකය ගැනයි.
-
කැවුම් යෝධයා (Kevun Yodaya)
0රු425.00හැන්ද නටයි – කූර නටයි කිය කියා කැවුම් බදින්න ගත්තත් හැදුණේ කැවුම් යෝධ්යෙක්! අහසට පැනගත්ත කැවුම් යෝධයා අල්ලගන්න කුරුල්ලන් ආවත් කාටවත් බැරිවුණා එයාව අල්ලන්න. අලුත් අවුරුද්දේ සතුට අරගෙන ආ කැවුම් යෝධයාගෙ කතාව සිබිල් නැන්දා කියන්නේ කවියෙන් සිංදුවෙන්.
-
අපේ ගමේ කවි (Ape game kavi)
0රු230.00ගමේ සිදු වන දේ ගැන කියැවෙන, හිනා රසයෙන් පිරුණු ජන කවි කීපයක එකතුවක් ‘අපේ ගමේ කවි’ පොත. ගම්බද ජීවිතය ගැන දන්න නොදන්න කාටත් එක වාගේ රස විඳින්න පුළුවන්.
-
අකීකරු කුමාරයා ( Akeekaru kumaraya)
0රු375.00ඉස්සර කාලේ රජ කෙනෙක් තමන්ගේ පුතාට රජකම බාරදීලා දුර ගමනක් ගියා. “මව් බිසවයි රටයි හොඳින් බලාගන්න” කියලයි රජතුමා ගියේ. කුමාරයා රට පාලනය කළ හැටිත් ඉන් පසුව කුමාරයාට වුණු දේ ගැනත් දැනගන්න කියවන්න අකීකරු කුමාරයා.
-
ළිඳේ යකා ( Lide yaka)
0රු590.00“ළිඳේ යකෙක් ඉන්නවා.” අම්මයි තාත්තයි නිතරම අදිත්ට කිව්වේ අදිත් තනියම ළිඳ ළඟට යන එක නවත්වන්නයි. ජබුඃ! ජබුඃ! ඇත්තටම දවසක් ළිඳේ ඉඳලා යකෙක් එළියට පැන්නා. අදිත් මොකද කළේ? යාළුකමයි කරුණාවයි ගැන කියැවෙන ලස්සන කතාවක් ළිඳේ යකා.
-
Thambaya Takes a Ride
0රු370.00Thambaya almost flew along the road. A row of motorcycles sped after him. People on the roadside watched with surprise. But because of the heavy rain, they did not clearly see who was driving the car. The book, Thambaya Takes a Ride, tells the story of quite a different experience.
-
නැට්ටුක්කාරයෝ ( nattukkarayo)
0රු240.00අපේ ගෙවල්වල ගෙමිදුලට නිතර එනවලු නැට්ටුක්කාරයෝ හත් දෙනෙක්. හත් දෙනාම හැම වෙලාවෙම එකටමයි ඉන්නේ. කවුද මේ? කියෙව්වොත් මේ පොත දැනගන්න පුළුවන් ඒ ගැන.
-
කකුළු හොද්ද ( Kakulu hodda)
0රු285.00බොහොම ඈත අතීතයේ මිනිස්සුන් හෙවනැල්ලෙන් වේලාව බැලූ කාලයේ එක මුහුදු වෙරළකට අමුතු කකුළු වර්ගයක් ගොඩ ගැහුවා. ඒ ළඟ ගමක මිනිස්සු මේ අමුතු කකුළුවන් ඇහිඳගෙන ගිහින් රසට හොදි හැදුවා. ඒ ජන කතාව සිබිල් නැන්දා හිනා රසයෙන් ඔපවත් කරලා කියනවා.


