-
නොමියෙන කළු දූ ( Nomiyana kalu du)
0රු675.00සිබිල් කුඩා දැරියක් ලෙස කොළඹ පැමිණි පසු ඇගේ පාසල් කාලය ගැන ඈ ලියූ ජීවිත කතාවයි නොමියෙන කළු දූ. ඇත්තටම මෙය දෙවැනි ලෝක යුද සමයේ නගරයේ සහ ගමේ සිදුවීම් දෙස ළමා ඇසින් බලා ලියූ වැදගත් සටහනක් ද වේ. ඒ සියල්ල මැද සිබිල් දැරිය සිතුවම් ඇඳීමට ඈ තුළ වූ ආසාව අතහැරියේ නැහැ. ඔබේ සිබිල් වෙත්තසිංහ පොත් එකතුවේ තිබිය යුතු ම පොතකි මෙය.
-
කුඩ හොරා (පාට) (kuda hora)
0රු650.00සිබිල් වෙත්තසිංහගේ ඉතාමත් ජනප්‍රිය පොත කුඩ හොරා 1986 දි නැවත පළ වුණා වර්ණ රූප සහිතව. මුලින් ම ජපානයේ ප්‍රකාශය කෙරුණු මේ පාට පාට කුඩ හොරා ඉන් පසු තවත් රටවල් 8ක පළ කෙරුණා. 1987 දී එය ජපානයේ ළමයින් විසින් ඉතාම ජනප්‍රිය පොත හැටියටත් තෝර ගනු ලැබුවා.
-
වැනියං කළු වැනීයං ( Waniyan kalu, waniyan)
0රු650.00පුංචි ළමයෙකුට විතරක් දැනෙන ආදරණීය මතකයන් සහ හිනා යන කතා! ඒ පුංචි ළමයා සිබිල්. ගමේ ගත කළ බාල කාලේ ගැන සිබිල් වෙත්තසිංහ ලියූ ඇගේ ජීවිත කතාවයි ‘වැනියං කළු වැනීයං.’ ඇගේ හිතේ හැමදාමත් රජ කළ කුඩා දරුවා මේ පොත කියවන විට අපට නොවැරදී ම මුණගැහෙනවා.
-
මැටි ගෙදර ළමයි ( mati gedara lamai)
0රු545.00ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා. එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්‍යය සාහිත්‍ය සම්මානය ලැබුණා.
-
සූත්තර පුංචා – කාටූන් පොත ( Suthara puncha – cartoon)
0රු300.00සූත්තර පුංචාගෙ විහිළු කතා කවුද නොදන්නේ? සූත්තර පුංචාගෙ දඟකාර වැඩ ගැන පුංචි කතා 16ක් මේ කාටූන් පොතේ තිබෙනවා. පුංචාගෙ විහිළුවලට වැඩියෙන්ම රැවටෙන්නෙත් හිනාවෙන්නෙත් අත්තම්මයි මුත්තයි! කාටත් විනෝදයක් ගෙනෙන සූත්තර පුංචා!
-
රෝසම්මා (Rosamma)
0රු540.00Step into the mesmerizing world of Sybil Wettasinghe’s latest book! Join Rosamma on a thrilling new journey that promises to spark your imagination and tug at your heartstrings. Each page is filled with wonder, adventure, and the timeless charm that only Sybil can bring to life. Dive into – Sybil’s captivating new adventure with Rosamma today!
Come and enjoy our beloved Sybil Wettasinghe’s latest book!
-
Umbrella Thief
0රු625.00Umbrella Thief is Sybil Wettasinghe’s most famous book. It was first published in 1956 with black and white illustrations. In 1986 Umbrella Thief with full-colour illustrations was first published in Japan and then in Sri Lanka. Since then it has been translated into 8 languages and published in 7 countries. In 1987 the children of Japan selected Umbrella Thief as the most popular children’s book. It has won many other awards. It is a book which collectors of Sybil Wettasinghe’s books must essentially own.
-
-
හොයිටි නම් හිවලා (hoity nam hivala)
0රු650.00කැළෑවේ ඉන්න නරියෙකුට බත් කන්න ආසා හිතුණා. නරියා කපටි රඟපෑමක් කරලා ගම ගෙදරකට දෙකකට ගිහින් රසට බත් කෑවා. ඒත් එක දවසක් නරියටයි රැවටෙන්න සිද්ධවුණ්. මේ කතාව ජපානය, ස්වීඩන්ය, තායිවානය, නෝර්වේ, ඩෙන්මාර්කය යන රටවලත් ප්‍රකාශයට පත් කෙරුණා.
-
Hoity the Fox
0රු650.00Once a fox in the forest wanted to eat a plate of rice and curry. He tricked his way into three village households, in three days, and ate his fill of tasty rice curry. But one day the trick was on him! Hoity the Fox has been published in Japan, Norway, Taiwan, Norway, Denmark and Sweden. This book won the State Literary Award in 2009.
-
Runaway Beard
0රු470.00Have you ever wondered how, in the olden days, grandfathers shaved their beards? Well, Sybil Wettasinghe did wonder about that and wrote this charming story of a beard that grew… and grew. Runaway Beard, with its unique story and lovely illustrations, won the 2003 SAARC Award for the Best Designed Children’s Book.
-
පුළුන් බබා ( Pulun baba)
0රු595.00කඩේ ගෙදර හරි කලබල! පුළුන් බබෙක් ගෙනැල්ලා! ලොකු සර්ට තරහ ගිහින්. ලියනෝරා ගිරයට අහුවුණු පුවක් ගෙඩිය වගේ. පුළුන් බබා පෙරළි පෙරළි කරන වැඩ නිසා ඔන්න ඉරිදා පොළෙත් පෙරළියක් වුණා. හිනාවෙලා ඉවරයක් නෑ පුළුන් බබා කියවලා!
-
තුනපහ කවි ( Thuna paha kavi)
0රු275.00සිබිල්ගේ මුනුබුරු ආදිත් අවුරුදු 12ක පමණ වයසෙදි හිනා යන කවි පෙළක් ලියුවා. කවුරුත් එය කියවා සතුටු වුණා. ඒක දැකලා සිබිල් අත්තම්මා හිතුවා කවිවලට ම ගැලපෙන හිනා යන පින්තූර ටිකක් ඇඳලා පොතක් පළ කරන්න. රස කරමින් කියවන්න මේ පොතට තුනපහ කවි කියලා නම දැම්මෙත් ආදිත්මයි.
-
මඟුල් ගෙදර බත් නැතෝ ( Magul gedara bath natho)
0රු400.00මඟුල් ගෙදරට ඉව්ව බත් හට්ටි ඔක්කොම නැතිවෙලා! “කිංකිඳ බොල කිංකිඳෝ මඟුල් ගෙදර බත් නැතෝ” කිය කියා අමුත්තෝ බත් හට්ටි සොය සොයා ගියා. කවුද ඔක්කොම බත් හොරා ගත්තේ? සිංදු නාට්‍යයක් විදිහට ලියූ මේ පොතට 1971 දී හොඳම ළමා පොත හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තා.
-
කිරිහාමි ( Kirihami)
0රු585.00කොස් ගහ විකුණන ආරංචිය බකුසු මාමා ඇටිකුකුළට කිව්වා. ඇටිකුකුළා මේ ගැන ගහේ ඉන්න අනෙක් කුරුල්ලන්ටත් ලේන්නුන්ටත් කිව්වා. කිව්වා. කොස් ගහ විකුණන්න එපා කියලා කුරුල්ලො කෑ ගැහුවා. කොස් ගහ කපන්න එපා කියලා ළමයි ඇඬුවා. කිරිහාමි මොකද කළේ?
-
දුවන රැවුල (Duwana rawula)
0රු470.00වසර 2003 දි ඉතාම හොඳින් සැලසුම් කළ ළමා පොතට හිමි සාර්ක් සම්මානය දුවන රැවුලට හිමි වුණා.
-
පුදුම රිදී ගහ (Puduma Ridi Gaha)
0රු1,375.00එකමත් එක රටක රජ කෙනෙක් දවසක් දුටුවා අපුරු සිහිනයක්. එය නැවත දැකීමට ආසා වුණා. එය සැබෑ කරගන්න රජතුමාට හැකි වුණාද?සිබිල් නැන්දාගෙ අලුත්ම පොත කියවා දැන ගන්න.
-
බැලුමා
0රු150.00දුර ගමනක් ගිය බැලුමක් ගැන ලස්සන කතාවක් මේ. බැලුම තෑගි ලැබුණේ පොඩි බබාට. එයා හරි ම ආදරෙන් බැලුමා බලාගත්තා. ඒත් දවසක් නොසිතූ විදිහට බැලුමාට බොහොම දුර ගමනක් යන්න වුණා. බැලුමා සොයාගන්න පොඩි බබාට පුළුවන් වුණාද? බැලුමා කමල් පෙරේරා ලියූ පොතක්
-
ඉබිරාළගේ ගස් නැගීම
0රු170.00අලුත් දේවල් අත්හදා බලන්න කැමැති ඉබිරාළ කෙනෙක් හිටියා. දවසක් මේ අපූරු ඉබිරාළට හිතුණා ගහක් උඩට නගින්න. ගහ උඩ ඉඳලා පහළ බලන්න ඉබිරාළට ආසා හිතුණා. ගස් නැග්ග ඉබිරාළ ගැන මේ කතාව ලිව්වේ කමල් පෙරේරා.
-
පාට පාට පියාපත්
0රු195.00එකමත් එක කාලෙක මල්වලට ඉතාමත් ආසා කරන සලබයෙක් හිටියා. මල්වල සුවඳ විඳිමින්, මල්වල ලස්සන බලමින් එයා මල් අතර සැරිසැරුවේ සතුටින්. ඒත් එයාගේ හිතට නිතර වද දුන් ප්‍රශ්නයක් තිබුණා. පුංචි සලබයා ගැන මේ ලස්සන කතාව ලිව්වේ කමල් පෙරේරා.
-
-
සුන්බුන් සොක්කා ( Sunbun sokka)
0රු370.00සුන්බුන් සොක්කා! සුන්බුන් සොක්කා! දවසම නිදියන කම්මැලියා! රතු පුල්ලියාගෙයි කුකුළු කොරළියාගෙයි විහිළුවෙන් සුන්බුන් සොක්කා කඩිසරයෙක් වුණු හැටි! සිබිල් නැන්දා මේ කතාව නම් ලිව්වෙ හොඳටම හිනාවෙවී වෙන්න ඇති.
-
Kirihami (English)
0රු545.00The owl called the pheasant and told them Kirihami had sold the jak tree. The pheasant informed all the other birds and the squirrels about this. ‘Don’t sell our tree’ all of them cried. Down below, Kirihami’s children cried ‘Don’t harm the jak tree.’ But Kirihami had already sold the jak tree…. What happened to Kirihami’s family who lived in the shade of the jak tree?
-
Eternally Yours
0රු300.00This is Sybil’s second autobiography and is the sequel to The Child in Me. It captures Sybil’s memories of her childhood in Colombo after her family migrated to the capital city when she was 6 years old. It is also a child’s interesting and often humorous account of how World War 2 touched the lives of her family and neighbours in Colombo and in the village. Another ‘must-own’ book for Sybil Wettasinghe book lovers!


