-
මඟුල් ගෙදර බත් නැතෝ ( Magul gedara bath natho)
0රු400.00මඟුල් ගෙදරට ඉව්ව බත් හට්ටි ඔක්කොම නැතිවෙලා! “කිංකිඳ බොල කිංකිඳෝ මඟුල් ගෙදර බත් නැතෝ” කිය කියා අමුත්තෝ බත් හට්ටි සොය සොයා ගියා. කවුද ඔක්කොම බත් හොරා ගත්තේ? සිංදු නාට්‍යයක් විදිහට ලියූ මේ පොතට 1971 දී හොඳම ළමා පොත හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තා.
-
කැවුම් යෝධයා (Kevun Yodaya)
0රු425.00හැන්ද නටයි – කූර නටයි කිය කියා කැවුම් බදින්න ගත්තත් හැදුණේ කැවුම් යෝධ්යෙක්! අහසට පැනගත්ත කැවුම් යෝධයා අල්ලගන්න කුරුල්ලන් ආවත් කාටවත් බැරිවුණා එයාව අල්ලන්න. අලුත් අවුරුද්දේ සතුට අරගෙන ආ කැවුම් යෝධයාගෙ කතාව සිබිල් නැන්දා කියන්නේ කවියෙන් සිංදුවෙන්.
-
අපේ ගමේ කවි (Ape game kavi)
0රු230.00ගමේ සිදු වන දේ ගැන කියැවෙන, හිනා රසයෙන් පිරුණු ජන කවි කීපයක එකතුවක් ‘අපේ ගමේ කවි’ පොත. ගම්බද ජීවිතය ගැන දන්න නොදන්න කාටත් එක වාගේ රස විඳින්න පුළුවන්.
-
තුනපහ කවි ( Thuna paha kavi)
0රු275.00සිබිල්ගේ මුනුබුරු ආදිත් අවුරුදු 12ක පමණ වයසෙදි හිනා යන කවි පෙළක් ලියුවා. කවුරුත් එය කියවා සතුටු වුණා. ඒක දැකලා සිබිල් අත්තම්මා හිතුවා කවිවලට ම ගැලපෙන හිනා යන පින්තූර ටිකක් ඇඳලා පොතක් පළ කරන්න. රස කරමින් කියවන්න මේ පොතට තුනපහ කවි කියලා නම දැම්මෙත් ආදිත්මයි.
-
-
සිව් පද කියමු ( Siwpada kiyamu)
0රු150.00නිතර අහන්න නොලැබෙන අපූරු ජන කවි කීපයක් මේ පොතේ එකතු කරලා තිබෙනවා. ආසාවෙන් කියවන්නත් ගායනා කරන්නත් පුළුවන්. රොටි කන්න කැමැති අයට රස කර කර කියන්න රොටි ගැන කවිත් ගොඩයි.
-
කාන්සියට කවි ( Kansiyata kavi)
0රු150.00‘කුඩේ තියෙන්නේ නන විතරයි දැනට’ ….. ජන කවියෙන් මිනිස්සුන්ගේ ජීවිතයේ එදිනෙදා කරදර ගැන කිව්වේ ඔහොම විනෝද රසය මතු කරමින්. නිතරම හිනාවෙන්න කැමැති සිබිල් නැන්දා මේ කවි එකතු කරන්න ඇත්තේ ආසාවෙන්.
-
කවි කියමු සිනාසෙමු (Kavi kiyamu sinasemu)
0රු150.00ජන කවි හරි මිහිරියි. සමහර ජන කවි හරි විනෝදයි කියවන්න, අහන්න. කරදර මැද වුණත් හිනාවෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා එහෙම කවි අහන විට. හිනාවෙන්න, සතුටුවෙන්න කියමු අපි මේ ජන කවි.